ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හැකරු 'YAHOO' ගිණුම් කොල්ලයක
2013 වසරේදී, යාහු අන්තර්ජාලයට හැකරුන් පිවිසීමෙන් කෝටි සියයකටත් අධික පාරිභෝගිකයන් පීඩාවට පත්වී ඇති බව යාහු සමාගම පවසයි.
ඊට අමතරව 2014 වසරේ සිදුවූ තවත් සිදුවීමකින් කෝටි පනහට අධික පාරිභෝගිකයන්ගේ ගිණුම්වලට හැකරුන් පිවිස ඇති බව යාහු සමාගම ප්‍රකාශ කරයි.
යාහු ගිණුම් හිමියන්ගේ දුරකථන අංක, විද්‍යුත් තැපෑලට පිවිසෙන රහස් අකුරු සහ විද්‍යුත් තැපෑල් ලිපින හැකරුන් විසින් සොරකම් කරනු ලැබ ඇති අතර ඔවුන් බැංකු සහ මුදල් හුවමාරු දත්ත පවා ලබාගෙන ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.
මේ අතර 2014 හැක් සිද්ධිය පිළිබඳ බලධාරීන් සහ ආරක්ෂක විශේෂඥයන් විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණ වලදී අවුරුදු තුනකට පෙර සිදුවූ නීති විරෝධී අන්තර්ජාල පිවිසුම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව යාහු සමාගම පවසයි.
පොලිස් නිලධාරීන් සහ පර්යේෂණ කණ්ඩායම් සමග හැක් කිරීම් සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටින බව මේ වන විට යාහු සමාගමේ කළමනාකාරිත්වය භාරව සිටින වෙරිසොන් ආයතනය නිවේදනය කර තිබේ.