ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අලෙප්පෝ සාමාන්‍ය වැසියන් ඉවත් කිරීමේ මෙහෙයුම්
දරුණු සටන් පවතින සිරියාවේ නැගෙනහිර අලෙප්පෝ කලාපයෙන් සාමාන්‍ය වැසියන් ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව රතු කුරුස සංවිධානය පවසයි.
සටන් පවතින කලාපයේ කොටුව සිටින තුවාල ලැබූවන් දෙසීයක පමණ පිරිසක් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ කණ්ඩායම් නගරයෙන් පිටතට රැගෙන එමින් සිටින බව වාර්තා වේ.
බදාදා වන විට අලෙප්පෝ නගරයේ නැගෙනහිර කලාපයෙන් සාමාන්‍ය වැසියන්ට සහ සන්නද්ධ කැරලිකරුවන්ට ඉවත් වීමට නිවේදන නිකුත් කොට තිබුණ ද එදිනට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබූ සටන් විරාමය බිඳ වැටීම හේතුවෙන් සාමාන්‍ය වැසියන් ඉවත් කිරීමේ මෙහෙයුම් කඩාකප්පල් විය.
වසර හතරක දරුණු සටන් වලින් අනතුරුව පසුගිය සතියේ අලෙප්පෝ නගරයේ කැරලිකරුවන් අත පැවති ප්‍රදේශ සියල්ල සිරියානු රජයේ හමුදා විසින් නැවත අත් පත් කර ගනු ලැබුණි.