ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අපරාධකරුවන් සියතින්ම මරාදැමූ බව පිලිපීන ජනපති පවසයි
දවාඕ නගරයේ නගරාධිපතිවරයාව සිටියදී අපරාධ සම්බන්ධ සැකකරුවන් සියතින්ම මරාදැමූ බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ පවසයි.
තමා මිනිස් ඝාතන සිදුකර ඇති බව රටේ ජනාධිපතිවරයා ලෙස ඔහු පිළිගත් ප්‍රථම අවස්ථාව මෙයයි.
නගරාධිපතිව සිටියදී ඝාතන සිදුකළබව විටෙක පිළිගත් ජනාධිපති දුටර්ටේ තවත් විටෙක එලෙස මිනීමැරුම් සිදුකළ බව ප්‍රතික්ෂේප කළේය.
මැනිලා නුවරදී ව්‍යාපාරිකයන් පිරිසක් අමතමින් ඔහු පැවසුවේ තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරාදැමීමට පුරුදුව සිටියේ පොලීසියටද එලෙස කළ හැකි බව පෙන්වීම සඳහා බවයි.
මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දමන බව පවසමින් පසුගිය ජූනිමාසයේදී දුටර්ටේ ජනාධිපති පදවියට පත්වීමෙන් පසු දහස්ගණනක් පුද්ගලයන් පොලීසිය සහ මත්ද්‍රව්‍ය පිලිබඳ සොයා බැලීමේ නියුතු පිරිස් විසින් මරා දමනු ලැබීය