ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාව 'කළුසල්ලිවලට' වැට බඳී
ඉන්දියාවේ පසුගිය සඳුදා (නොවැ 7) ගනුදෙනුවලින් ඉවත් කරන ලද ඉහළ වටිනාකමක් සහිත මුදල් නෝට්ටු වෙනුවට බැංකුවෙන් මුදල් ලබාගන්නා කිසිවෙකුට බදු සහන ලබා නොදෙන බව එරට මුදල් අමාත්‍යවරයා පවසයි.
තමන් සතුව පවතින නාමික අගය ඉහළ නෝට්ටු වෙනුවට එම වටිනාකමට සරිලන මුදල ලබාගැනීමට අවශ්‍ය සියලු දෙනා එම වත්කම් උපයාගත් අයුරු රජයට පෙන්විය යුතු අතර සියලුම වත්කම් බදු රෙගුලාසිවලට යටත් වන බව අමාත්‍යවරයා කියා සිටියේය.
ඉන්දියානු රුපියල් පන්සියයේ සහ දහසේ නාමික වටිනාකමින් යුතු මුදල් නෝට්ටු ගනුදෙනුවලින් ඉවත් කිරීමට රජය ගනු ලැබූ හදිසි තීරණයේ අරමුණ ඉන්දියාවේ පවතින මූල්‍ය වංචා සහ නීති විරෝධී ලෙස රැස් කරන මුදල් සංචිත බදු රැහැනට හසුකර ගැනීමය.
අවලංගු කරන ලද මුදල් නෝට්ටු වෙනුවට අලුතින් මුද්‍රණය කරන ලද නව නෝට්ටු හඳුන්වාදීමට කඩිනමින් ක්‍රියාකරන බවට අද (නොවැ 10) ඉන්දියානු රජය ප්‍රකාශයක් නිකුත් කළේය.
තමන් සතුව පවතින අවලංගු කරන ලද රුපියල් දහසේ සහ පන්සියයේ නෝට්ටු වෙනුවට මුදල් හුවමාරු කරගැනීම සඳහා ඉන්දියාව පුරා බොහෝ බැංකුවල ජනතාව පෝලිම් ගැසී සිටින බව වාර්තා වේ.
ඒ අතර රට පුරා ATM යන්ත්‍ර සහ බැංකු බොහොමයක් වසා දමා ඇති බව ද වාර්තා වේ.