තායිලන්ත රජුගේ දේහය පළමු වරට මහජන ගෞරවය සඳහා

Thai mourners wearing dark clothing line-up to pay tribute at the Grand Palace in Bangkok, Thailand, 29 October 2016

ඡායාරූප මූලාශ්‍රය, EPA

අභාවප්‍රාප්ත තායිලන්තයේ භූමිපාල් අතුල්තේජ් රජුගේ මෘත දේහය ඉදිරියේ අවසන් ගෞරව දැක්වීමට සඳහා එරට බලධාරීන් විසින් මහජනතාවට අවසර දෙනු ලැබ ඇත.

මියගිය රජතුමාගේ දේහය ඉදිරියට ගොස් අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනයාට අවසර ලැබුන පළමු වතාව මෙයයි.

වසර හැත්තෑවක් සිහසුන හොබවන ලද තායිලන්ත රජුගේ මෘත දේහය බැංකොක් නුවර රජමාලිගයේ තැන්පත් කොට තිබෙන අතර සිය රජුට අවසන් ගෞරව දැක්වීම සඳහා මාලිගය ඉදිරිපිට ජනතාව පෝලිම් ගැසෙමින් සිටිති.

රජුගේ දේහය සහිත රන් මංජුසාව රාජකීය ශාලාවේ තැන්පත් කොට ඇති අතර දිනකට පුද්ගලයන් දස දහසකට මාලිගයට ඇතුළුවීමට ඉඩ ලබා දී ඇති බව බලධාරීහු පවසති.

මෑත ඉතිහාසයේ ලෝකයේ වැඩිම කාලයක් සිහසුන දැරූ පාලකයා ලෙස සැලකෙන භූමිපාල් අතුල්තේජ් රජු මිය යන විට අසූ අට වැනි වියේ පසු විය.

Thai mourners wearing dark clothing line-up to pay tribute at the Grand Palace in Bangkok, Thailand, 29 October 2016

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Thai mourners line-up to pay tribute at the Grand Palace in Bangkok, Thailand, 29 October 2016

ඡායාරූප මූලාශ්‍රය, Reuters

පිය රජතුමාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකවීම පිණිස ඔටුන්න හිමි වජිරලෝන්කෝන් කුමරුට තවත් කාලය අවශ්‍ය බව තායිලන්ත ආණ්ඩුව පවසයි.

සිය රාජාභිෂේකය වසරකින් පමා කරන ලෙස කුමරුන් විසින් ඉල්ලීමක් කරන ලද බව තායිලන්ත ආණ්ඩුව මින්පෙර නිවේදනය කර තිබුණි.