මෝසුල් සටන: 'IS සටන්කරුවන් නමසීයක් මරුට'

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මෝසුල් නගරය යළි අත්පත්කර ගැනීම සඳහා ඉරාක හමුදාව විසින් දියත් කරනු ලැබූ මෙහෙයුමේ දී IS සටන්කරුවන් නමසීයක් පමණ මරණයට පත් වූ බව ඇමෙරිකානු හමුදා ජෙනරාල්වරයෙක් පවසයි.
නගරයේ සාමාන්‍ය වැසියන් ගැවසෙන බැවින් සටන්කරුවන් හඳුනාගැනීමට අපහසුතාවක් ඇති බව ඇමෙරිකානු මෙහෙයුම් ඒකකයේ ප්‍රධාන අණදෙන නිලධාරී ජෝසප් වොටෙල් ප්‍රංශ පුවත් සේවාවට ප්‍රකාශ කොට ඇත.
මෝසුල් නගරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භයේ දී පන්දහසකට අධික IS සටන්කරුවන් ප්‍රමාණයක් එහි රැඳී සිටි බව විශ්වාස කෙරෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මෙම මෙහෙයුම සඳහා ඉරාක හමුදාව, කුර්දි සටන්කරුවන්, සුන්නි අරාබි ගෝත්‍රිකයන් සහ ෂියා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් එක්වී සිටිති.
ඉහත කණ්ඩායම් වලට සහය දැක්වීමට සියයකට අධික ඇමෙරිකානු හමුදා නිලධාරීන් අනුයුක්ත කර ඇති අතර ගුවන් ප්‍රහාර ඉලක්ක කිරීම, මෙහෙයුම් උපදෙස් ලබා දීම, ගිනි නිවීමේ සහය වැනි සේවා ලබා දීමට එම නිලධාරීන් කටයුතු කරති.
මෝසුල් මෙහෙයුමෙන් ඉරාක හමුදා භටයන් පනස්හත් දෙනකු මරණයට පත් වී ඇති අතර දෙසියපනහකට අධික භටයන් තුවාල ලබා ඇති බව ඉරාක රජය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters




