IS ප්‍රහාර බටහිර ඉරාකය දෙසට

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉරාකයේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවෝ එරට බටහිර කලාපයේ පිහිටි හුදකලා නගරයක් වන රුට්බා ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කරති.
වාර්තාකරුවන් විසින් එම ප්‍රහාරය හඳුන්වනු ලැබුවේ මොසුල් නගරයේ බලය යළි ලබා ගැනීම සඳහා සටන් කරමින් සිටින ඉරාක හමුදාවල අවධානය වෙනතකට යොමු කිරීම සඳහා අයිඑස් කැරලිකරුවන් විසින් ගනු ලැබූ උත්සාහයක් ලෙසයි.
සිය නගරය ඉලක්ක කොට අයිඑස් කැරලිකරුවන් පැති තුනකින් ප්‍රහාර එල්ල කළ බව අන්බර් පළාතට අයත් රුට්බා නගරයේ නගරාධිපතිවරයා සඳහන් කළේය.
කැරලිකරුවන් හා නගරයේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් අතර සටන් පැවති බවත් ඔහු කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මේ අතර ඉරාකයේ දෙවන ප්‍රධාන නගරය ලෙස සැලකෙන මෝසුල් නුවර බලය යළි ලබා ගැනීම සඳහා ඉරාක හමුදා සහ කුර්දි සටන්කරුවෝ තවදුරටත් මෙහෙයුම්වල නිරත වී සිටිති.
කුර්දි හමුදා විසින් මොසුල් නගරයේ උතුරු සහ නැගෙනහිර පිවිසුම් අහුරා තිබෙන අතර ආණ්ඩුවේ හමුදා දකුණු ප්‍රදේශය හරහා නගරය වෙත ඇදෙමින් සිටිති.
අයිඑස් බලකොටුවක් ලෙසින් හැඳින්වෙන මෝසුල් නගරය කැරලිකරුවන් අතට පත් වූයේ 2014 වසරේදී.




