ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දඩයමෙන් තුරන් වන හිම දිවියෝ
සෑම වසරකදීම මධ්‍යම ආසියාවේ කඳුකර ප්‍රදේශවලදී හිම දිවියන් සිය ගණනක් දඩයක්කරුවන් විසින් මරා දමනු ලබන බව නවතම වාර්තාවක දැක්වේ.
'ට්‍රැෆික් ඉන්ටර්නැෂනල්' නම්, වන සතුන් අධ්‍යයනයේ යෙදෙන ජාලයක් විසින් සොයාගනු ලැබ ඇති ආකාරයට දැනට ලොව ඉතිරිව ඇත්තේ හිම දිවියන් හාරදහසක් පමණි. ඒ අතරින් අවම වශයෙන් දිවියන් හතරදෙනෙකුවත් සෑම සතියකදීම මිය යමින් සිටී.
වේගවත් සහ ජවසම්පන්න හිම දිවියන් විසින් චීනය සහ මොංගෝලියාව ඇතුළු රටවල ගොවි බිම්වල සතුන් විශාල වශයෙන් මරා දමනු ලබයි.
ඒ අනුව කෝපයටපත් ගොවීන්ගේ පළිගැනීමට ලක්වීමෙන් මිය යන හිම දිවියන් සංඛ්‍යාව, මරා දැමෙන ප්‍රමාණයෙන් අඩකට වැඩිය.