'තාත්තා මට HIV එන්නත් කළා'

හිතාමතාම සිය බිලිඳු පුතාට HIV වෛරසය සහිත රුධිරය එන්නත් කරද්දී පුතා තරුණ විය දක්වා දිවි ගෙවනු ඇති බවක් තුරු ජීවත් වනු ඇතැයි බ්‍රයන් ජැක්සන් ගේ පියා විශ්වාස කළේ නැහැ.

ඒ නිසාම වසර 24 කට පසු තමන් කළ ඒ අපරාධය වෙනුවෙන් පුතා තමන් අධිකරණයට ගෙනයාවි කියලත් ඔහු විශ්වාස කළේ නැහැ.

ඇමරිකාවේ මිසෝරි ප්‍රාන්තයේ අධිකරණ ශාලාවක සිරකරුවන් තාවකාලිකව රඳවා සිටින කුටියක දොරටුව අසල බ්‍රයන් ජැක්සන් නැවතිලා බලාගෙන හිටියෙ අධිකරණ ශාලාව විවෘත වෙනකම්.

සිරකුටියේ යකඩ දොර ඇරෙන ශබ්දය ඔහුට ඇසුනත් හිස් ඔසවා බලන්න තරම් මානසික තත්වයක් ඔහුට තිබුණේ නැහැ. හිස පහත්කරගෙනම දෑස පමණක් ඒ වෙත යොමු කළේ ඒ නිසා.

රැඳවියන් අඳින සුදු පැහැති ඇඳුමින් සැරසිලා අධිකරණ ශාලාව වෙත තමන් ඉදිරියෙන් ගමන් කරන පුද්ගලයා බිලිඳු වියේ දී අවසන් වරට දුටු බ්‍රයන් ස්ටුවර්ට් නම් වූ තමන්ගේ පියා බව හඳුනාගන්න ඔහුට අපහසු වුණේ නැහැ.

සිය පියාට දිය හැකි දීර්ඝතම සිරදඬුවම ලබාදීම සඳහා සිය ප්‍රකාශය අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කරන්නයි ඔහු අධිකරණයට පැමිණ සිටින්නේ.

මේ ඔහුට ඒඩ්ස් රෝගය වැළදුන ආකාරය.

"මාව රෝහල් ගත කරලා තිබුණ ඇදුම හැදිලා. අම්මා තාත්තට ටෙලිෆෝන් කරලා කිව්ව. මාව රෝහලෙන් යවන්න නියමිතව තියෙද්දී තාත්ත මාව බලන්න ආව. හැමෝම පුදුම වුණා ඔහු ආපු එක ගැන. මොකද ඔහු තාත්ත කෙනෙක් විදියට කටයුතු කරපු කෙනෙක් නොවෙයි. කොහොමහරි තාත්ත අම්මව කඩේට යවල කවුරුවත් ලඟපාත නැති වෙලාවක් බලල HIV වෛරසය සහිත රුධිරය මට එන්නත් කළා."

ජැක්සන්ගේ පියා සිය දරුවාට එවැනි අපරාධයක් කළේ ඇයි? HIV ආසාදිතක් බවට පත්වුන ඒ දරුවා පාසලේදීත්, සමාජයේදීත් මුහුණ දුන් අත්දැකීම කුමක්ද?

වැඩි විස්තර ඉහත හඬ පටයේ.