'ආසියා බීබී' අභියාචනය තාවකාලිකව අත්හිටුවයි

ඡායාරූප මූලාශ්‍රය, AFP
නබි නායකතුමන්ට අපහාස කිරීමේ වරදට 2010 වසරේදී පාකිස්තාන අධිකරණයකින් මරණ දඬුවම නියම වූ ක්‍රිස්තියානි කාන්තාව විසින් ඉදිරිපත් කරනු ලැබූ අභියාචනය විභාග කිරීම තාවකාලිකව අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයකර ඇත.
එක් විනිසුරුවරයකු අභියාචන විභාගයට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම, එය අත්හිටුවීමට හේතුවිය.
එම විනිසුරුවරයා පෙන්වාදී තිබෙන්නේ, නඩු විභාගය සම්බන්ධයෙන් තමන්ට 'බැඳීයාවන් අතර ගැටුමක්' පවතින බැවින් එහි තීරකයෙකු ලෙස ක්‍රියාකළ නොහැකි බවකි.
'ආසියා බිබී' නඩුව (case of Asia Bibi) ආගමට අපහාස කිරීමේ වරදට පාකිස්තාන අධිකරණයකින් පළමු වරට මරණ දඬුවම නියම කරන ලද නඩු විභාගය වේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
නඩු තීන්දුව දීමෙන් පසු ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්ව පාලනය කිරීමේ පරමාර්ථයෙන් ඉස්ලාමාබාද් අගනුවර ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට සියයකට අධික කැරලි මර්දන පොලිස් භටයන් රඳවා තැබීමට බලධාරීන් පියවර ගෙන තිබු
අභියාචනය නැවත විභාග කිරීම සඳහා අධිකරණය තවමත් දිනයක් නියම කොට නොමැත.
ආගමට අපහාස කිරීම පාකිස්තානයේ ඉතාමත් සමාජ සංවේදී කාරණයක් ලෙස සලකනු ලබන අතර විවේචකයන් පවසන්නේ බොහෝ අවස්ථාවල පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීමට මෙම නීතිය භාවිතා වන බවයි.




