'මාකෝ පෝලෝටත් පෙරාතුව ග්‍රීක වැසියෝ චීනයේ'

Terracotta warriors

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චීන ජාතිකයන් පුරාණ ග්‍රීක ශිල්පීන් අතින් පුහුණුව ලබා ඇතැයි සිතිය හැකි බව පුරා විද්‍යාඥයෝ කියා සිටිති

යුරෝපා ජාතික දේශ ගවේෂක මාකෝ පෝලෝ චීනයට ගොඩ බැසීමට වසර 1,500 කට පෙර චීනය සහ අපරදිග අතර සබඳතා පැවති බව නවතම සොයා ගැනීම් පෙන්වා දෙයි.

පළමු චීන අධිරාජ්‍යයාගේ සොහොන් ගැබ තුළ තිබී සොයා ගන්නා ලද සටන්කාමීන්ගේ පිළිම පුරාණ ග්‍රීක සම්ප්‍රදායේ ආභාෂයෙන් නිර්මාණය වී ඇති බව සිතිය හැකි යැයි පුරා විද්‍යාඥයෝ පවසති.

ක්‍රිස්තුපූර්ව තුන්වන සියවසයේදී චීන ජාතිකයන් පුරාණ ග්‍රීක ශිල්පීන් අතින් පුහුණුව ලබා ඇතැයි සිතිය හැකි බවත් පුරා විද්‍යාඥයෝ කියා සිටිති.

දහතුන් වන සියවසයේදී චීනයේ සංචාරය කළ මාකෝ පෝලෝ එහි ළඟා වූ පළමු යුරෝපීය ජාතිකයා ලෙස විශ්වාස කෙරේ.

'සේද මාවත නිල වශයෙන් විවෘත වීමට පෙර චීනයේ පළමු අධිරාජ්‍යයා සහ අපරදිග අතර සමීප සබඳතා පැවති බවට දැන් අප සතුව සාක්ෂි තිබෙනවා,' ජ්‍යෙෂ්ඨ පුරා විද්‍යාඥ ලී ශිෂෙන් පවසයි.

BBC presenters standing in the middle of the Terracotta Army

චීනයේ පළමු අධිරාජ්‍යයාගේ සමයේ අපරදිගවාසීන් එරට ෂින්ජැන් පළාතේ පදිංචි වී ජීවත්ව මිය ගොස් ඇතැයි සිතිය හැකි යුරෝපීය ජාතිකයන්ට පමණක් විශේෂිත DNA ජාන කොටස් එහි තිබී හමු වී ඇති බව වෙනත් පර්යේෂණ වාර්තාවක් පෙන්වා දෙයි.

චීනයේ පළමු අධිරාජ්‍යයා වන Qin Shi Huang ගේ සොහොන් ගැබට සැතපුම් භාගයකට පමණ අඩු දුරකින් පොළොවේ වැළලී තිබූ සටන්කාමීන්ගේ පිළිම අට දහසක් ගොවීන් විසින් පළමු වරට සොයා ගනු ලැබුවේ 1974 වසරේදී.