ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ෆේස්බුක් නිසා දෙමව්පියන්ට නඩු දැමූ දියණියක්
සිය අනු දැනුමෙන් තොරව තම ඡායාරූප ෆේස්බුක් සමාජ ජාලයේ පළ කොට ඇති බවට දෙමව්පියන්ට චෝදනා කරමින් ඕස්ට්‍රේලියානු තරුණියක් අධිකරණයට ගොස් තිබේ.
2009 වසරේ සිට මේ දක්වා සිය දෙමව්පියන් විසින් අවසරයකින් තොරව ඔවුන්ගේ ෆේස්බුක් පිටු තුළ තමන් අපහසුවට පත් කරවන සහ පෞද්ගලිකත්වයට හානි කරවන සුළු ඡායාරූප පන්සියයකට වැඩි ප්‍රමාණයක් පළ කොට ඇති බවට දහඅට හැවිරිදි වියේ පසු වන තරුණිය චෝදනා කරයි.
මිතුරන් හත්සියයකට වැඩි පිරිසක් සිටින දෙමව්පියන්ගේ ෆේස්බුක් ගිණුමේ තම කුඩා කාලයේ ඡායාරූප පළ කිරීම තුළින් තමන්ගේ ජීවිතය අවාසනාවන්ත තත්වයට පත් කළ බවයි ඇය පවසන්නේ.
කෙසේ නමුත් සිය දරුවාගේ ඡායාරූප ෆේස්බුක් තුළ පළ කරනු ලැබීම තරුණියගේ පියා සාධාරණීකරණය කරයි.
සමාජ මාධ්‍ය තුළ ළමුන්ගේ ඡායාරූප පළ කිරීම තුළින් ඔවුන් විකෘති ලිංගික ආශාවන් සහිත පුද්ගලයන්ගෙන් අනතුරට ලක් වීමේ හැකියාව පවතින බව මාධ්‍යවේදිනියක් වන රෝසි වෙට්ස් පවසන්නීය.
ඒ පිළිබඳ සැකසුණු වාර්තාවට ඉහත හඬ පටයෙන් සවන් දෙන්න.