හිලරි සහ ට්‍රම්ප් රූපවාහිනියේදී මතවාදී ගැටුමක

televised debate of the US

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් යන දෙදෙනාම තම ප්‍රතිවාදියා අපකීර්තියට පත් කිරීමට උත්සාහකළහ

නොවැම්බරයේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරක වැඩසටහන් වල අංගයක් ලෙස පැවැත්වුණු ප්‍රථම රුපවාහිනී විවාදයේ දී රැකියා, වෙළඳ ගනුදෙනු, බදු අය කිරීම් සහ වර්ගවාදය සම්බන්ධව හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මතවාදී ගැටුම් ඇතිවිය.

රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් යන දෙදෙනාම තම ප්‍රතිවාදියා අපකීර්තියට පත් කිරීමට උත්සාහකළහ.

ජයග්‍රහණය කිරීමේ සුවිශේෂී හැකියාව ඇත්තේ තමන්ට පමණක් බව පැවසූ ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ හිලරි ක්ලින්ටන් ට ඔරොත්තු දීමේ හැකියාව නැති බවයි.

එහෙත් වාර්තාකරුවන් පවසන්නේ මිනිත්තු අනුවක කාලයක පැවති විවාදයේ දී ට්‍රම්ප් වඩාත් වෙහෙසට පත්වූ බවක් පෙනුණු අතර චෝදනා සහ අභියෝගයට ලක්වූ බවයි.

හිලරි ක්ලින්ටන් ට්‍රම්ප්ට චෝදනා කළේ ඔහු බදුගෙවීම් පහර හැර ඇති බව පවසමින් වුවද තමන් ඒ තරමට උපායශීලී අයෙකු බවයි ට්‍රම්ප් ප්‍රකාශ කළේ.