චීනයේ පසුබෑම ලෝක ආර්ථිකයට අනතුරක්

Ken Rogoff
ඡායාරූප ශීර්ෂ වැකිය, ආර්ථික විද්‍යාඥ කෙන් රොගෝෆ්

චීනයේ ආර්ථික සංවර්ධන වේගය මන්දගාමී වීමක් ලෝක ආර්ථිකයට බරපතළ තර්ජනයක් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ කෙන් රොගෝෆ් (Ken Rogoff ) පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී.

ලෝක ආර්ථික වර්ධනයේ ප්‍රමුඛ මධ්‍යස්ථාන වලින් එකක වර්ධනයේ පසුබෑම 'අභාග්‍ය සම්පන්න දුෂ්කර තත්වයක් 'හැටියටයි ආර්ථික විශේෂඥයා විසින් විග්‍රහ කරනු ලැබ තිබෙන්නේ.

තවදුරටත් කරුණු පැහැදිලි කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ කෙන් රොගෝෆ් (Ken Rogoff ) කියා සිටින්නේ පසුගිය දශකයේ චීනයේ වේගවත් ආර්ථික වර්ධනය එක් අතකින් 'ණය' මත පදනම් වූ අතර එරටට 'ණය ආපසු ලබා ගැනීමේ ප්‍රශ්නයක්' පැවති බවයි.

ණය චීන ආර්ථිකයේ ප්‍රධාන අංගයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ණය චීන ආර්ථිකයේ ප්‍රධාන අංගයක්

දේශීය ආර්ථිකය වර්ධනය කරනු ලැබීම සහතික කර ගැනීම මගින් චීනය මත රඳා පැවැත්ම අවම කිරීමට පියවර ගන්නා මෙන් ඔහු බටහිර රටවල ආණ්ඩු වලින් ඉල්ලීමක් ද කරයි.