ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අඩ සියවසක යුද්ධයෙන් පසු FARC ගරිල්ලා ජීවිත
වසර පනහක් මුළුල්ලේ ඇවිලුණු සිවිල් යුද ගැටුම් වල අවසානය සටහන් කරමින් FARC ගරිල්ලා සංවිධානය සහ කොලොම්බියා රජය අතර සාම ගිවිසුමක් අත්සන් කිරීමේ උත්සවයට සහභාගී වීමට ලෝක නායකයන් විශාල පිරිසක් කොලොම්බියාව වෙත පැමිණ සිටියහ.
කොලොම්බියානු යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස ඉක්මවන බවයි වාර්තා වන්නේ.
සිව් වසරක් මුළුල්ලේ පැවති සාකච්ඡා වල ප්‍රථිපලයක් ලෙස FARC ගරිල්ලා සංවිධානයේ නායක තිමචේන්කෝ සහ කොලොම්බියානු ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් ඊයේ දිනයේ දී (26) සාම ගිවිසුමට අත්සන් තැබූහ.
කොලොම්බියා ආණ්ඩුව සහ FARC කැරලිකරුවන් අතර සාම ගිවිසුමට ප්‍රධාන කැරලි නායකයන්ගේ ඒකමතික අනුමැතිය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මින් දින කීපයකට පෙරයි.
සාම ගිවිසුම සැමරීමට ඊයේ දිනයේ කොලොම්බියාවේ කර්තග්හෙනා නුවර උත්සව රැසක් සංවිධානය කර තිබුණි.
වසර පනහකට අධික කාලයක් පැවති කොලොම්බියා සිවිල් යුද්ධය නිමාවෙන් පසු FARC සටන්කරුවන්ගේ ජීවිත කෙබදු එකක් වෙයිද?
පහළොස් වසක් යුද පෙරමුණේ සටන් වැදුණු ගරිල්ලා සාමාජිකාවකගේ අත්දැකීම් ඇසුරින් සැකසුනු වීඩියෝව නරඹන්න.