ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සම ලිංගික අභිමාන රැළියට පොලිසියෙන් බාධා
උගන්ඩාවේ කම්පාලා අගනුවර දෙතැනක පැවති සම ලිංගික අභිමන් පෙළපාලි විසුරුවා හැරීමට එරට පොලිසිය කටයුතු කළ බව ක්‍රියාධරයෝ පවසති.
මෙම පෙළපාලිවලට සහභාගී වීම සඳහා පැමිණි පිරිස කුඩා බස් රථවල දමා ආපසු හරවා යැවීමට පොලිසිය මැදිහත් වූ බවයි ක්‍රියාධරයන් පවසන්නේ.
උගන්ඩාවේ නීතියට අනුව සම ලිංගිකත්වය තහනම් වන අතර මෙම පෙළපාලිවලට සහභාගී වන අයට පහර දෙන බවට එරට ඇමතිවරයෙකු තර්ජනය කර තිබුණි.
පෙළපාලිකරුවන්ගේ මග අවුරා වෙනත් ප්‍රදේශයක් කරා යොමු කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් ඔවුන් පලවා හරිනු ලැබූ බව ද තවත් ස්ථානයකින් වාර්තා වෙයි.
උගන්ඩාවේ සමරිසි ප්‍රජාව මේ වසර තුළ පාගමන් සංවිධානය කළ දෙවන අවස්ථාව මෙයයි.
පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී පළමු උත්සාහය දරා ඇති අතර එහිදී ක්‍රියාධරයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත් විය.
සම ලිංගිකත්වයට පවතින නීති සහ දඬුවම් දැඩි කිරීම සඳහා උගන්ඩා ආණ්ඩුව 2014 වසරේ දී ගෙන ආ පනතක් එරට අධිකරණය විසින් අත්හිටුවන ලදී.