තවත් කළු ජාතික ඇමරිකානුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට

ඇමරිකාව

ඡායාරූප මූලාශ්‍රය, KTUL/AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ටෙරන්ස් ක්රුචර් තම හිසට ඉහළින් දෙඅත් ඔසවාගෙන සිටියදී පොලිස් නිලධාරියා ඔහුට වෙඩි තබා ඇත

ඇමරිකාවේ ටුල්සා නගරයේ දී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් මරා දමනු ලැබූ කළු ජාතිකයා නිරායුධව සිටි අයෙක් බව ටුල්සි පොලීසිය පවසයි.

වීඩියෝ දර්ශනයක පෙනෙන ආකාරයට ටෙරන්ස් ක්රුචර් නම කළු ජාතිකයා තම හිසට ඉහළින් දෙඅත් ඔසවාගෙන සිටියදී පොලිස් නිලධාරියා ඔහුට වෙඩි තබා ඇත.

ඇමරිකාව

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ටෙරන්ස් ගේ සොහොයුරිය වැලපෙන අයුරු

පොලීසිය පවසන්නේ මෝටර් රථය නැවැත්වීමෙන් පසු ටෙරන්ස් පොලීසිය දුන් නියෝග පිළිපැදීම ප්‍රතික්ෂේප කළ බවයි.

වීඩියෝ පටයේ දැක්වෙන දර්ශනය හද කම්පාකරවන බව පැවසූ ටුල්සි පොලිස් ප්‍රධානී චක් ජෝර්ඩන් සාධාරණය අත්කර දීමට පොරොන්දුවන බවයි වැඩි දුරටත් පැවසුවේ.

ඇමරිකානු පොලීසිය විසින් නිරායුධ කළු ජාතිකයන්ට වෙඩි තබා මරා දැමීමේ සිදුවීම් මාලාවක නවතම සිදුවීම මෙය වන අතර පොලීසිය ජාතිකත්වය මත පදනම්ව කටයුතු කරන්නේද යන ප්‍රශ්ණය මතුවෙමින් පවතී.