'පෙලට්' පොකුරු තුවක්කුවෙන් වෙඩි කන ඉන්දීය කාශ්මීරය

සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි ඇඳිරිනීතිය
ඡායාරූප ශීර්ෂ වැකිය, 'පෙලට්' තුවක්කු වෙනුවට වෙනත් මාධ්‍යක් භාවිතා කරන බව ඉන්දීය රජය ප්‍රකාශ කොට තිබියදීත් ආරක්ෂක අංශ විසින් දිගින් දිගටම 'පෙලට්' ප්‍රහාර එල්ල කරමින් සිටියි.

'පෙලට්' තුවක්කු (pellet Gun) ප්‍රහාරයකින් ඝාතනය කෙරුණු පාසල් දරුවෙකුගේ මළ සිරුරක් ශ්‍රී නගර් නුවරින් සොයා ගැනීමත් සමග ඉන්දීය කාශ්මීර කලාපයට පූර්ණ ඇඳිරිනීතිය පැනවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඉන්දීය කාශ්මීරයේ විරෝධතාවදීන් විසුරුවා හැරීම සඳහා ආරක්ෂක අංශ විසින් යොදා ගනු ලබන 'පෙලට්' තුවක්කු ප්‍රහාර වලින් ලබන තුවාල මාරාන්තික විය හැකි බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ.

ඉන්දීය කාශ්මීරයේ විරෝධතාවදීන් විසුරුවා හැරීම සඳහා ආරක්ෂක අංශ විසින් යොදා ගනු ලබන 'පෙලට්' තුවක්කු ප්‍රහාර වලින් ලබන තුවාල මාරාන්තික විය හැකි බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය කාශ්මීරයේ විරෝධතාවදීන් විසුරුවා හැරීම සඳහා ආරක්ෂක අංශ විසින් යොදා ගනු ලබන 'පෙලට්' තුවක්කු ප්‍රහාර වලින් ලබන තුවාල මාරාන්තික විය හැකි බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ.

මෙම 'පෙලට්' ප්‍රහාර වලින් සිදු විය හැකි බරපතළ තුවාල සැලකිල්ලට ගෙන මින් ඉදිරියට ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ මර්ධනය කිරීමට 'පෙලට්' තුවක්කු වෙනුවට වෙනත් මාධ්‍යක් භාවිතා කරන බව ඉන්දීය රජය ප්‍රකාශ කොට තිබියදීත් ආරක්ෂක අංශ විසින් දිගින් දිගටම 'පෙලට්' ප්‍රහාර එල්ල කරමින් සිටියි.

මිය ගිය පාසල් දරුවාගේ අවමංගල්‍යට සහභාගී වීමට ඇඳිරිනීතිය පවතිද්දී පැමිණි දහස් සංඛ්‍යාත කාශ්මීර වැසියන් විසුරුවා හැරීමට ඉන්දීය ආරක්ෂක අංශ විසින් කඳුළුගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

ඇඳිරි නීතියට අමතරව ඉන්දීය කාශ්මීර කලාපයේ සියලුම අන්තර්ජාල පහසුකම් තාවකාලිකව අත් හිටුවීමටද රජය පියවර ගෙන තිබේ.

තරුණ කාශ්මීර බෙදුම්වාදී නායකයෙකු වූ 'බුර්හාන් වානි'ගේ මරණය
ඡායාරූප ශීර්ෂ වැකිය, තරුණ කාශ්මීර බෙදුම්වාදී නායකයෙකු වූ 'බුර්හාන් වානි'ගේ අවමංගල්‍ය

පසුගිය ජූලි මාසයේ ඉන්දීය ආරක්ෂක අංශ විසින් ඝාතනය කළ තරුණ කාශ්මීර බෙදුම්වාදී නායකයෙකු වූ 'බුර්හාන් වානි'ගේ මරණයත් සමග ආරම්භ වූ ප්‍රචන්ඩකාරී උද්ඝෝෂණ රැල්ල හේතුවෙන් ශ්‍රී නගර් ඇතුළු කාශ්මීර නගර බොහොමයක රජය විසින් ඉතා තද නීති රීති සහ සීමා පැනවීම් ක්‍රියාත්මක කරමින් සිටියි.

පසුගිය මාස දෙකක කාලය ඇතුළත ඉන්දීය කාශ්මීරයේ පවතින මෙම ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් මියගිය කාශ්මීර වැසියන් සංඛ්‍යාව අසූව ඉක්මවන බවයි වාර්තා වෙන්නේ.

'මාරාන්තික පෙලට් ප්‍රහාර'

අත්තුවක්කු ඝනයට ඇතුළත් වන 'පෙලට්' තුවක්කු ඉන්දීය ආරක්ෂක අංශ විසින් ප්‍රථම වරට භාවිතා කරනු ලැබුවේ 2010 වසරේදී කාශ්මීර බෙදුම්වාදී උද්ඝෝෂකයන් විසුරුවා හැරීමටයි.

කෙටි දුරක සිට තියන ලද පෙලට් වෙඩි ප්‍රහාරයකට හසු වූ දැරියක්
ඡායාරූප ශීර්ෂ වැකිය, කෙටි දුරක සිට තියන ලද පෙලට් වෙඩි ප්‍රහාරයකට හසු වූ දැරියක්

ඉන්දීය රජය කියා සිටියේ කඳුළු ගෑස් සහ අධි බලැති ජල ප්‍රහාර මෙන් ප්‍රචණ්ඩත්වය පාලනයට යොදා ගන්නා 'මාරාන්තික නොවන' මාධ්‍යයක් ලෙස ආරක්ෂක අංශ මෙම 'පෙලට්' ප්‍රහාර යොදා ගනු ඇති බවයි.

කෙසේ වෙතත් සාමාන්‍යයෙන් 'පෙලට්' තුවක්කු භාවිතා කරන්නේ සතුන් දඩයම් කිරීම සඳහායි.

'පෙලට්' තුවක්කුවකින් එල්ල වන වෙඩි ප්‍රහාරයකදී පොකුරු වශයෙන් දැඩි වේගයකින් නිකුත් වන රවුම් හැඩති කුඩා මුනිස්සම් කැබලි ඉතා පුළුල් පරාසයක් පුරා විහිදෙයි.

පෙලට් ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයෙකුගේ හිසේ 'එක්ස් රේ' වාර්ථාවක්
ඡායාරූප ශීර්ෂ වැකිය, පෙලට් ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයෙකුගේ හිසේ 'එක්ස් රේ' වාර්ථාවක්

ඒ අනුව 'පෙලට්' පතොරමක් තුළ පන්සීයකට අධික කුඩා මුනිස්සම් කැබලි ඇතුළත් වන අතර එක් වෙඩි ප්‍රහාරයකදී එම කුඩා මුනිස්සම් පොකුරු වශයෙන් සෑම දිසාවකටම පහර එල්ල කරයි.

යම් පුද්ගලයෙකුගේ මුහුණට හෝ ඇස් වලට මෙම 'පෙලට්' මුනිස්සම් ප්‍රහාර එල්ල වීමෙන් ඉතා බරපතළ මාරාන්තික තුවාල ඇති විය හැකි බව පෙන්වා දෙන වෛද්‍යවරු වැඩි දුරටත් කියා සිටියේ මෑතක සිට 'පෙලට්' ප්‍රහාර වලට ලක් වූවන්ගේ සමෙන් ඉවත් කරන කුඩා මුනිස්සම් කැබලි ඉතා තියුණු ස්වභාවයකින් යුතු වන බවයි.

කාශ්මීර බෙදුම්වාදීන් මර්ධනය කරන 'පෙලට්' ප්‍රහාර
ඡායාරූප ශීර්ෂ වැකිය, පූර්ණ ඇඳිරිනීතිය බලපැවැත්වෙන ඉන්දීය කාශ්මීරය