ෆේස්බුක් යුද පිංතුර තහනමට විරෝධය

Aftenposten editor and Napalm girl photo

ඡායාරූප මූලාශ්‍රය, Aftenposten/Nick Ut

ඡායාරූප ශීර්ෂ වැකිය, නොර්වේ හි විශාලතම පුවත්පත වන 'ඇෆ්ටන්පොස්ටන්' හි සංස්කාරක එස්පෙන් එගිල් හැන්සෙන් පවසන්නේ සකබර්ග් බලය අයුතු ලෙස භාවිතා කොට ඇති බවයි.

වියට්නාම් යුද්ධයේ දී ගිනිගන්නා ගමකින් පලායන නිරුවත් ගැහැණු දරුවකුගේ සුප්‍රසිද්ධ ඡායාරුපය ෆේස්බුක් සමාජ ජලයෙන් ඉවත්කිරීම පිළිබඳව එහි නිර්මාතෘ මාර්ක් සකබර්ග් චෝදනාවට ලක්වෙයි.

නොර්වේ හි වඩාත් ජනප්‍රිය පුවත්පත වන 'ඇෆ්ටන්පොස්ටන්' පුවත්පතේ සංස්කාරකවරයා පවසන්නේ අසභ්‍ය ළමා ඡායාරූප සහ සුප්‍රසිද්ධ යුද ඡායාරූප අතර වෙනස හඳුනාගැනීමට ඔවුන්ගේ ඇති නොහැකියාව මෙම තීරණයෙන් පෙනෙන බවයි.

Facebook's email

ඡායාරූප මූලාශ්‍රය, Aftenposten/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆේස්බුක් වෙතින් පුවත්පත වෙත ඒවා තිබුණු දැනුම් දීම

නොර්වේ ජාතික ලේඛක ටොම් එගිලන්ඩ් එම ඡායාරුපය යුද ඉතිහාසය දැක්වෙන රූප පෙළකට එක්කොට තිබුණි.

එහෙත් ෆේස්බුක් සමාජ ජාලය විසින් ටොම් ගේ රූප පෙල ඉවත්කරනු ලැබ තිබුණු අතර ඔහුට ෆේස්බුක් ජාලයට ඇතුළුවීමට නොහැකි වනසේ ඔහුගේ ගිණුම අවහිර කොට තිබුණි.

මාර්ක් සකබර්ග් බලය අයුතු ලෙස භාවිතා කොට ඇති බවයි සංස්කාරක එස්පෙන් එගිල් පවසන්නේ.

එහෙත් ෆේස්බුක් මාධ්‍ය ජලය පවසන්නේ සංස්කෘතිකමය හේතු මත නිරුවත තහනම් කර ඇති බවයි.