ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නීති විරෝධී ළමා විවාහ ගැන නේපාලයට චෝදනා
ළමා විවාහ සම්ප්‍රදාය නවතා දැමීමට ප්‍රමාණවත් උත්සහයක් නොගන්නා බවට 'හියුමන් රයිට් වොච්' ආයතනය නේපාලයට චෝදනා කරයි.
නේපාලයේ සෑම ගැහැණු ළමුන් තිදෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු දහඅට වීමට පෙර විවාහ වන බවයි එම ආයතනය නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ.
'මේ නටන ගයන සමයයි' නමින් හඳුන්වා ඇති එම වාර්තාවේ සඳහන් වන්නේ ළමා විවාහ අඩු කිරීම සඳහා රජය ක්‍රමවත් වැඩ පිළිවෙළක් ඔස්සේ උත්සාහ නොගන්නා බවයි.
එම වාර්තාවට අනුව එසේ අඩු වයසින් විවාහ වන ගැහැණු ළමුන්ගෙන් වැඩි දෙනෙක් නේපාලයේ මුල් පදිංචිකරුවන්ගේ ප්‍රජාවට අයත් වේ.
ළමා විවාහ සිදුකිරීම නේපාලයේ නීති විරෝධී වන නමුත් ක්‍රියාධරයන් පවසන ආකාරයට නීතිය ක්‍රියාත්මක කිරීම ඉතා දුර්වල තත්වයෙන්පවතී.