ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අලි එළැවීමට මී මැසි හමුදා
තායිලන්තයේ ගොවීහු තම වගා පාළු කරන අලි ඇතුන් පළවා හැරීම සඳහා මීමැස්සන් යොදා ගැනීමේ අපූරු පුවතක් වාර්තා වෙයි.
සිය වගාබිම් වලට වන අලි ඇතුන් ඇතුල් වීම වළක්වා ගැනීමට තායි ගොවීන්ද ශ්‍රී ලංකාවේ මෙන් විදුලි වැට සහ රතිඤ්ඤ ආදිය උපයෝගී කර ගනු ලබන නමුත් එය අසාර්ථක වීමත් සමඟයි මී මැස්සන් දෙසට යොමු වී තිබෙන්නේ.
නැගෙනහිර තායිලන්තයේ 'චන්තබුරි' (Chanthaburi) පළාතේයි අලි ඇතුන් පළවා හැරීමේ මීමැසි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ.
වගා බිම් වට කොට මී මැසි පොදි සහිත කඹ ඇටවීම තායි ගොවීන්ගේ උපක්‍රමයයි.
එම කඹ හරහා වගා බිමකට ඇතුල් වීමට අලියකු උත්සාහ කළහොත් ඒ සමඟ ඇවිස්සෙන මී මැස්සන්ගේ ගුමු ගුමු නාදය හමුවේ අලින් පසු බසින බවයි තායිලන්ත ගොවීන් පවසන්නේ.
අලි එළැවීමේ මෙම මීමැසි උපක්‍රමය අප්‍රිකානු රටවල වසර ගණනාවක් තිස්සේ භාවිතයට ගැනෙයි.