ජර්මනියත් බුර්කා තහනම් කිරීමේ සූදානමක

ඡායාරූප මූලාශ්‍රය, EPA
මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කා ඇඳුම සහමුලින්ම තහනම් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පටහැණි වන හෙයින් එහි එක්තරා පාලනයක් සිදු කරන ලෙස ජර්මනියේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යවරයා පවසයි.
බුර්කාව සම්පූර්ණයෙන් තහනම් කළ යුතු බව ජර්මනියේ ස්වදේශ කටයුතු භාර අමාත්‍ය තෝමස් ඩි මයිසියරේ මීට ඉහතදී පවසා තිබිණි.
අදාළ යෝජනාව නීතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය යුතු වේ.
ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුවහොත් පාසල්, ළදරු පාසල්, විශ්වවිද්‍යාල මෙන්ම රජයේ කාර්යාලවලත් මුහුණ සම්පුර්ණයෙන් ආවරණය වන බුර්කාව ඇඳීම තහනම් වේ.
එසේම බුර්කාව පැළඳ රිය පැදවීමත් තහනම් වනු ඇත.
කාන්තාවන්ගේ මුහුණ සම්පුර්ණ ලෙස වැසෙන බුර්කාව විවෘත සමාජයකට නොගැළපෙන බවයි ජර්මනියේ ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරයා පවසන්නේ.
''සම්පුර්ණයෙන් මුහුණ වැසෙන වේල් එක අපි තහනම් කරනවා. බුර්කාව විතරක් නොවෙයි ඇස් විතරක් පෙනෙන්න තියන ඕනෑම ආකාරයක මුහුණු ආවරණයක් තහනම්. ඒක අපේ ස්ථාවරය. ඒක අපේ වගේ විවෘත සමාජයකට ගැලපෙන්නේ නැහැ.''
'' අපේ සමාජය තුළ, අපි ජීවත්වන ක්‍රමයට සංවාදයක් ඇතිවීම සඳහා මුහුණ පෙනීම අත්‍යවශ්‍ය දෙයක්. අපේ සමාජයේ බැඳීමක් ඇතිවෙන්න ඒක අවශ්‍යයි. එකයි අපි හැමෝටම කියන්නෙ මුහුණ පෙන්නන කියල.'' අමාත්‍ය තෝමස් ඩි මයිසියරේ වැඩිදුරටත් කියා සිටියි.









