ඉන්දීය කාශ්මීරයේ ගැටුම්වලින් තවත් තිදෙනක් මරුට

ඡායාරූප මූලාශ්රය, Getty Images
ඉන්දීය කාශ්මීරයේ විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම් හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනකු මරුමුවට පත් වී තිබේ.
ඇඳිරි නීතිය නොතකා ගල් මුල් ප්රහාර එල්ල කළ කණ්ඩායමක් දෙසට හමුදා විසින් සිදු කළ විවෘත වෙඩි තැබීමකින් කාන්තාවන් දෙදෙනකු මරුමුවට පත් වූ බවයි පොලිසිය කියා සිටියේ.
ඉන් අනතුරුව තවත් පුද්ගලයකු මරුමුවට පත් වී තිබේ.
කාශ්මීරයේ විශාලතම කැරලි කණ්ඩායමේ ජනප්රිය තරුණ නායකයකු මීට දින දහයකට ඉහතදී හමුදා විසින් ඝාතනය කරනු ලැබිණ.
එතැන් සිට මේ දක්වා ඇති වූ ගැටුම් හේතුවෙන් මරුමුවට පත් පිරිස හතළිස් දෙකකි.
බලධාරීන් විසින් ප්රදේශයේ ජංගම දුරකථන සංඥා අවහිර කිරීමට කටයුතු කොට ඇත.





