පකිස්තාන නිරූපිකාව මරා දැමූ සොහොයුරා අත්අඩංගුවට

ඡායාරූප මූලාශ්‍රය, AFP
පකිස්ථානයේ ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලා 'තරුව' බවට පත්වී සිටි කන්දීල් බලෝච් නම් තරුණිය මරා දැමූ බවට සැක කෙරෙන ඇගේ සහෝදරයා අත්අඩංගුවට ගත් බව පකිස්තාන පොලීසිය පවසයි.
විසිපස් හැවිරිදි වසීම් බලොච් අත්අඩංගුවට ගනු ලැබුවේ මධ්‍යම පකිස්ථානයේ දෙරා ගාසි ඛාන් හිදී සෙනසුරාදා රාත්‍රියේ දීය.
මාධ්‍ය හමුවක දී සැකකරු වසීම් පාපෝච්චාරණය කළේ නිවසේ දී තම සොහොයුරියගේ ගෙල සිරකොට මරා දැමූ බවටයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
තම නැගණියගෙන් ඇයගේ වෘත්තීය අත්හරින ලෙස නිරතුරුවම ඉලා සිටියද ඇය එම ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කළ බවයි ඔහු පැවසුවේ.
මරා දැමුණු කන්දීල් බලෝච් ඇගේ ලිංගික ආකර්ෂණය ඉස්මතු කෙරෙන ඡායාරුප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ජාලාවලට එක්කිරීමෙන් ජනප්‍රියවී සිටියාය.
ඇයගේ සමාජ මාධ්‍ය ජාලා පිටුවලට විශාල හිතවතුන් සංඛ්‍යාවක් එකතුවී සිටි අතර ගතානුගතික මත දරන්නන් අතර ඇය දැඩි විවේචනයට ලක්වුවාය.




