ඩකා පන්සලේ රාමදාන් දානය හයවැනි වසරටත්

වීඩියෝ ශීර්ෂ වැකිය, මුස්ලිම්වරුන්ට දන් බෙදන බෞද්ධ පන්සලක්

බංග්ලාදේශයේ ඩකා අගනුවර ධර්මරාජික බෞද්ධ විහාරස්ථානය රාමදාන් සමයේ දී දුප්පත් මුස්ලිම් බැතිමතුන්ට නොමිලයේ ආහාරපාන බෙදා දීම වසර හයක කාලයක් ඉටු කරන චාරිත්‍රයකි.

රාමදාන් ආගමික මාසයේ සෑම දිනකම පන්සීයකට අධික ඉස්ලාම් බැතිමතුන්ට ආහාරපාන ලබා දෙන බවයි ධර්මරාජික විහාරාධිපති සුධානන්ද නාහිමියන් පවසන්නේ.