ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගෝරිල්ලා මරා ළමයෙකු රැකගනී
ඇමරිකාවේ සත්වෝද්‍යානයක කාර්යමණ්ඩලය විසින් ගෝරිල්ලකුට වෙඩිතබා මරා දමා තිබේ.
ගෝරිල්ලාට වෙන්කළ කොටසට ඇතුල්වී සිටි කුඩා ළමයෙකු එම සතා විසින් එහි වූ දිය අගලට ගෙන යාමෙන් පසු බේරා ගැනීම සඳහායි මෙසේ වෙඩි තැබීමට සිදුවී ඇත්තේ.
සින්සිනාති සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂකවරයා පැවසුවේ වයස අවුරුදු හතරක් වන එම ළමයා ගේට්ටුව අතරින් රිංගා හරම්බේ නමින් හඳුන්වන ගෝරිල්ලා සිටි කුටිය සහිත පෙදෙසට ඇතුල් වී සිටි බවයි.
ගෝරිල්ලා විසින් ළමයා අල්ලා ගැනීමට පෙර වෙඩි තැබූ පවසන අධ්‍යක්ෂකවරයා පවසන්නේ එම අවස්ථාවේ ගැනීමට තිබූ නිවැරදිම තීන්දුව එය බවයි.
ළමයාට තදබල තුවාල සිදුවී නොතිබුණු බවයි වාර්තා වන්නේ.