තාරා පැටවුන් බේරා ගැනීමේ මෙහෙයුමක්
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ගිනි නිවන හමුදා භට කණ්ඩායමක් කාණුවක සිර වී සිටි තාරා පැටවුන් රංචුවක් මුදා ගෙන තිබේ.
එසේ මුදා ගනු ලැබූ තාරා පැටවුන් සුරක්ෂිතව ඔවුන්ගේ මව වෙත භාර දීමට ගිනි නිවන භට කණ්ඩායම කටයුතු කළහ.
තාරා පැටවුන් රංචුවක් කාණුවක සිර වී සිටින බව දන්වා ඉහත කී භට කණ්ඩායම වෙත දුරකථන ඇමතුමක් ලැබී තිබේ.
පැටවුන් බේරා ගන්නා අවස්ථාවේ තාරා මව දැඩි කැලඹිල්ලට පත් වී සිටි බව පෙනෙන්නට තිබූ බවයි ගිනි නිවන හමුදා භට කණ්ඩායමේ ප්‍රධාන නිලධාරි රැඩොල්ෆ් කොවිච් බීබීසීයට කියා සිටියේ.