ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සම ලිංගික ප්‍රේමයට සේෂෙල්ස් රජයෙන් අවසර
අප්‍රිකාවේ සේෂෙල්ස් රාජ්‍යයේ සම ලිංගික සම්බන්ධතා තවදුරටත් සාපරාධී වරදක් නොවන බව එරට රජය ප්‍රකාශයට පත් කර තිබේ.
සම ලිංගික සම්බන්ධතා වසර දාහතරක් සිර ගත කළ හැකි සාපරාධී වරදක් ලෙස සැලකූ යටත් විජිත යුගයේ සිට පැවතුන නීතිය පාර්ලිමේන්තුව විසින් සංශෝධනය කළ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
අප්‍රිකාවේ බොහෝ රටවල සම ලිංගික සම්බන්ධතා සලකනු ලබන්නේ සාපරාධී අපරාධයක් ලෙසයි.
සේෂෙල්ස් රාජ්‍යයේ ජනාධිපති ජේම්ස් මිෂෙල් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෙටුම්පතක් සැලකිල්ලට ගෙන සිදු කරන ලද මෙම සංශෝධනයට එරට රෝමානු කතෝලික පල්ලියේ නායකයන්ගේ දැඩි විරෝධය එල්ල වෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.
පැවති සම ලිංගික නීතිය සංශෝධනය කිරීම වෙනුවෙන් පැවති පාර්ලිමේන්තු ඡන්දයේදී මන්ත්‍රීවරුන් විසි අට දෙනෙකුගෙන් අඩක් සංශෝධනයට පක්ෂවත් අඩක් විපක්ෂවත් සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.