පාකිස්තානයේ නමගිය මාධ්‍යවේදියෙකු ඝාතනය කෙරෙයි

ඡායාරූප මූලාශ්‍රය, Zaki FB
නමගිය පකිස්තාන ජාතික මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන කුරාම් සාකි (Khurram Zaki) කරච්චි නගරයේ දී වෙඩිතබා මරා දමා ඇත.
යතුරුපැදි දෙකකින් පැමිණි සැකකරුවන් හතර දෙනෙකු විසින් විවෘත වෙඩි ප්‍රහාරයක් එල්ල කරද්දී කුරාම් නගරයේ උතුරු ප්‍රදේශයේ පිහිටි අවන්හලක අහාර ගනිමිනුයි සිට ඇත්තේ.
මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.
"අපි පකිස්තානය ගොඩනගමු" නම්වූ වෙබ් අඩවියක සංස්කාරකවරයා ලෙස කටයුතු කර ඇත්තේ කුරාම්ය.
එම වෙබ් අඩවිය ආගම්වාදය හෙළාදකිමින් ප්‍රජාතාන්ත්‍රික හා අනාගමික වටිනාකම් පිලිබඳ ජනතාව දැනුවත්කිරීම සඳහා කැපවී ඇති වෙබ් අඩවියක් බවයි පැවසෙන්නේ.
කුරාම් ගේ වඩාත් මෑත කාලීන වැඩසටහන වූයේ ෂියා මුස්ලිම් ජනතාවට එරෙහිව කෙරෙන කෙනහිලිකම් සහ බිහිසුණු ක්‍රියා හෙළා දැකීමයි.




