වස විස වලින් තොර හරිත දිවයිනක් බිහි කරනවා - ජනපති

මෙතෙක් පත්වූ සියලු ආණ්ඩු රටේ කෘෂිකර්මාන්තය සහ ගොවිජනතාව නඟා සිටුවීමට විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කළත් ඒ කිසිවකින් ගොවියා ණය බරින් නිදහස් කර ගැනීමට හැකි නොවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි.

ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම යහපත් කෘෂි ප‍්‍රතිපත්තියක් රටට හඳුන්වාදීම නව රජයේ අරමුණ බවයි, 'වස විස නැති රටක්' ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශී‍්‍ර ලංකාව වස විස වලින් තොර හරිත දිවයිනක් බවට පත් කර සැමට වස විස නැති ආහාර සැපයීම සඳහා වූ රජයේ ප‍්‍රතිපත්තිය මත පදනම්ව 'වස විස නැති රටක් තුන් අවුරුදු ජාතික සැලැස්ම' කි‍්‍රයාත්මක කෙරේ.

උත්සවයට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් රසායනික පොහොර භාවිතය ගැන ආවේගශීලීව අදහස් දැක්වූහ.

'වස විස නැති රටක්' ප්‍රදර්ශනය අඟහරුවාදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වේ.