මහ බැංකු අධිපතිවරයා කෝප් කමිටුවට
කෝප් කමිටුවට පෙරට වඩා විශේෂ බලයක් නොමැති වුවත් බලය උපරිම ආකාරයෙන් යොදා ගනිමින් සහ ඍජු මැදිහත්වීම් මගින් ජනතාවට යම් යම් ප්‍රතිලාභ ලබා දීමට කෝප් කමිටුවට හැකියාව ලැබුණු බව කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.
ඔහු එසේ ප්‍රකාශ කළේ මහ බැංකු අධිපතිවරයා කෝප් කමිටුව හමුවට කැඳවීම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින්.
කෝප් කමිටුව විසින් කැඳවනු ලැබුවේ රාජ්‍ය වාණිජ ආයතනයක් ලෙස මහ බැංකුව මිස මහ බැංකු අධිපතිවරයා නොවන බවයි ඔහු කියා සිටියේ.
මහ බැංකුවේ වාර්ෂික වාර්තා, විගණන වාර්තා, ගිණුම් කටයුතු සහ දැනට පවතින මුල්‍ය තත්වය යනාදිය දැන ගැනීමේ අරමුණෙන් අරමුණින් මහ බැංකු අධිපතිවරයා කැඳවූ බව කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති ආන්දෝලනයකට තුඩු දුන් බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව සහ පසුගිය පාලන කාලය තුළ සිදුවී ඇති මහ බැංකු විෂය පථය ට අදාළ නොවූ ගනුදෙනු පිළිබඳවද විමසීමක් කල බවයි ප්‍රකාශ කළේ.

ඡායාරූප මූලාශ්‍රය, central bank sri lanka
විශේෂයෙන්ම මුල්‍ය රෙගුලාසි වලින් මහ බැංකුවට පැවරූ බලය ඉක්මවා, මුල්‍ය නීති රීති උල්ලංඝනය වන ආකාරයෙන් කළ ගනුදෙනු පිළිබඳව ද විමසූ බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විමර්ශන නැවත ආරම්භ කළ නොහැකි ඇයි දැයි විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ මීට පෙර පැවතී පාර්ලිමේන්තුවේ දී උප කමිටුවක් මගින් මහ බැංකු බැඳුම්කර ක්‍රියාවලිය විමර්ශනයට ලක් කළ බවයි.
කෝප් කමිටු සභාපතිවරයා එම විමර්ශනයේ ලිපි ලේඛන සහ සාක්ෂි සටහන් උපයෝගී කර ගනිමින් ඉදිරියටත් කටයුතු කර ගෙන යන බවයි ඔහු ප්‍රකාශ කළේ.
කෝප් කමිටුවට පෙරට වඩා විශේෂ බලයක් නොමැති වුවද දැනට පවතින බලය උපරිම ආකාරයෙන් යොදා ගනිමින් ක්ෂණිකව නිර්දේශ නිකුත් කිරීම, පසු විපරම් ක්‍රියාවලිය සහ , විගණකාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යංශය මගින් ආයතන අධීක්ෂණයට ඍජුව මැදිහත්වීම මගින් යම් යම් ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන්නට කමිටුවට හැකිවී ඇති බව ඔහු සඳහන් කළේය.