සුනාමි දුම්රිය යළි පැරෑලියට
පැරෑලියේදී සුනාමියට හසු වූ දුම්රියේ සිට ජීවිතක්ෂයට පත් වූ මගීන් එක්දහස් තුන්සිය පනහකට අධික පිරිසක් වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් පැවැත්විණ.
සුනාමියට ගොදුරුව යළි පිළිසකර කෙරුණ දුම්රිය කොළඹ කොටුවේ සිට හික්කඩුව දක්වා පැමිණියේ පිරිත් සජ්ජායනා මධ්‍යයේයි.
දුම්රිය පැරෑලියේ නවතා එහි පැමිණි පිරිස හා ප්‍රදේශවාසීහු මිය ගිය පිරිස් සිහි කොට සුනාමි ස්මාරකය අභියස උපහාර දැක්වූහ.