ව්‍යවස්ථාවේ 'බල විහිදුම' ගැන ප්‍රදර්ශනයක්

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතය, දශක ගණනාවක් තුල එහි ව්‍යාප්තිය සහ අනාගත ව්‍යවස්ථාව සකස් විය යුත්තේ කෙලෙසද යන්න සම්බන්ධයෙන් විශේෂ ප්‍රදර්ශනයක් මේ දිනවල කොළඹ දී පැවැත්වේ.

1972 ව්‍යවස්ථාව, 1978 ව්‍යවස්ථාව, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය, 18 වැනි සංශෝධනය මෙන්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව 'බල විහිදුම' <link type="page"><caption> (Corridors of Power)</caption><url href="http://groundviews.org/2015/09/16/open-to-public-corridors-of-power-exhibition/" platform="highweb"/></link> ප්‍රදර්ශනයේදී රූපානුසාරයෙන් විමසා බැලේ.

ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියේ සංස්කාරක සංජන හත්තොටුව ප්‍රදර්ශනයේ සංවිධායකවරයායි.

"මේකේ අපි කරලා තියෙන්නේ ව්‍යවස්ථාව යටිතල පදනමක් හැටියට පාවිච්චි කරලා, ඒක උඩින් අපි නිර්මාණයක් හදල තියෙනවා," සංජන හත්තොටුව පැවසීය.

"ඒ නිර්මාණයෙන් අපි කරලා තියෙන්නේ ව්‍යවස්ථාව තුල අන්තර්ගත බලය නිරූපණය කිරීමක්."

ප්‍රදර්ශනය ලබන 22 වැනි දින දක්වා ජේඩීඒ පෙරේරා ගැලරියේදී පැවැත්වේ.