යහපාලනය: ගිවිසුමට අත්සන් තබයි
යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ සමග එක්සත් ජාතික පක්‍ෂය අරලිය ගහ මැදුරේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේය.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය පාඨලි චම්පික රණවක, අමාත්‍ය අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම සඳහා පැමිණ සිටියෝය.
මේ අනුව හෙළ උරුමය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඉදිරි මැතිවරණයේදී අලියා ලකුණින් තරඟ වැදීමට නියමිතයි.

රාජිත සේනාරත්න කළුතර දිස්ත්‍රික්කයෙන්, අර්ජුන රණතුංග ගම්පහ දිස්ත්‍රික්කයෙන් සහ පාඨලි චම්පික රණවක කොළඹ දිස්ත්‍රික්කයෙන් අලියා ලකුණ යටතේ තරඟ වැදීමට නියමිත බවයි වාර්තා වන්නේ.
වාමාංශික කණ්ඩායම් කිහිපයක් ද මෙම යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ සමග එක් වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍යයට හෙළිදරව් කර තිබේ.
ඔහු තව දුරටත් පවසා තිබුණේ මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරණයේ දී සහාය දැක් වූ සිවිල් සංවිධාන 49 ක් මෙම නව යහපාලන පෙරමුණට සහාය දැක්වීමට තීරණය කර ඇති බවයි.