"මහින්දට නාම යෝජනා දීමට පක්ෂය තීන්දුවක් ගෙන නෑ"
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා දීම පිළිබදව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් ගෙන නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ප්‍රකාශ කරයි.
පුත්තලම ප්‍රදේශයේ සංචාරයකදීයි ඇය එම ප්‍රකාශය කළේ.
“තවම අපිට මොකුත් කියල නැහැ. පක්ෂය තීන්දුවක් අරගෙනත් නැහැ. අපි දන්නේ නැහැ,” මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය පැවසුවාය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බවට පළ වන වාර්තා පිළිබඳව මාධ්‍යවේදියකු ප්‍රශ්නයක් යොමු කළත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පිළිතුරක් ලබා නොදීම පිටව ගිය බවයි පුත්තලම වාර්තාකරු ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න පැවසුවේ.