ලසන්ත ඝාතනය: ‘මා දන්නා දේ කිව්වා’
ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීම සඳහා ඔහුගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් කැඳවනු ලබයි.
මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා විසින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතනය සම්බන්ධයෙන් ලබා දුන් ප්‍රකාශය, තමා අද දින ලබා දුන් කට උත්තරය හා සසඳා බලා විමර්ශන කටයුතු කඩිනමින් සිදු වනු ඇති බවට ලාල් වික්‍රමතුංග බලාපොරොත්තු පළ කළේ බීබීසීයට අදහස් දක්වමින්.
සිය සොහොයුරාගේ ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් නැවත පැවැත්වෙන බව තමාට තේරුම් ගිය බවත් ඔහු සඳහන් කළේය.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක් වූයේ දෙදහස් නවය වසරේදීයි