සූකර උණ වැළඳී ඉන්දියාවේ දහසක් මරුට
රාජස්ථාන් ,මහා රාෂ්ට්‍ර ඇතුළු ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක H1N1 නමින් හැඳින්වෙන සූකර උණ රෝගය පැතිර යාම හේතුවෙන් මේ වන විට දහසකට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.
18 ,000 කට පමණ රෝගය වැළඳ ඇති බවට වාර්තා වෙයි.
මෙය අලුත් රෝග කාරකයක් නොවන බව පැවසූ ශ්‍රී ලංකාවේ වසංගත රෝග මර්දන අංශයේ අධ්‍යක්ෂිකා දොස්තර පබා පලිහවඩන පැවසුවේ එය කලින් කලට පැමිණෙන වසංගත තත්වයක් බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මෙම රෝගය ශ්‍රී ලංකාවට ගැටලුවක් නොවන බවත් එය හඳුනා ගැනීමට මෙන්ම ප්‍රතිකාර කිරීමටද ශ්‍රී ලංකාවේ වෛද්‍ය පහසුකම් මෙන්ම වෛද්‍යවරුන්ද සිටින බවයි ඇය ප්‍රකාශ කළේ.
පසුගිය වසරේත් ශ්‍රී ලංකාවේ H1N1රෝගය වාර්තා වූ බව පැවසූ දොස්තර පබා පලිහවඩන සඳහන් කළේ කිසිවකු රෝගයෙන් මිය නොගිය බවයි.