කුමන්ත්‍රණය දැනගත්තේ ජනපතිවරණයට සතියකට පෙර - අධිකරණ ඇමති
කුමන්ත්‍රණයක් පැවතී බව දැනගන්නට ලැබුනේ ජනාධිපතිවරණය පැවැත්වූ දින රාත්‍රී නොව ඊට සතියකට පෙරදී බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.
ආරක්ෂා අංශ විසින් සකස් කර තිබු කුමන්ත්‍රණ සැලැස්ම මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාර දුන් බවයි ඇමතිවරයා පැවසුවේ.
ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා අදාළ හමුදාවලට ලිඛිතව දැනුම් දුන් බවත් ඔහු සංදේශයේ සරෝජ් පතිරණ සමඟ ලන්ඩනයේදී සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් එය බරපතළ කාරණයක් නිසා දැනට පොලීසිය සහ නීති පති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව එම කටයුතු සිදු කෙරෙන බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ තවදුරටත් පැවසුවේය.
ඉකුත් රජය සමයේ සිදුවූ බවට පැවසෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව, නිසි ක්‍රම වේදයකට අනුව සොයා බලන බවත් පැවසූ ඇමතිවරයා ඉකුත් සමයේ එළඹ ඇති ‘මෙගා ඩීල්’ නැත්නම් මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කොට ඇත්තේ ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකොට විනිවිදභාවයකින් තොරව යැයි සඳහන් කළේය.