හෙල්පිං හම්බන්තොට 'යළි විමර්ශනය කළ හැකියි'

ශ්‍රී ලංකාවේ 'වල් වැදී තිබෙන' නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කිරීමට නම් 'හෙල්පිං හම්බන්තොට' ඇතුළු මතභේදයට තුඩු දුන් ඇතැම් නඩු තීන්දු විමර්ශන යළි සලකා බැලිය යුතු බව නීතිවේදී එකමුතුව පවසයි.

'හෙල්පිං හම්බන්තොට' නමින් ප්‍රකට සුනාමි ආධාර වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් 2005 වසරේ පැවති නඩුවේදී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා නිදහස් කිරීම පිළිබඳව ජාතියෙන් <link type="page"><caption> සමාව ඉල්ලා සිටින බව</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/10/141017_sarath_silva_apology" platform="highweb"/></link> හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පසුගිය ඔක්තෝබර් මාසයේ බීබීසී සංදේශයට පැවසීය.

එහෙත් හිටපු අගවිනිසුරුවරයා ගේ ඉහත ප්‍රකාශය නීති විරෝධී බවයි, නීතිවේදී එකමුතුවේ සම කැඳවුම්කරු, ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ පවසන්නේ.

සාපරාධී, සාවද්‍ය මුදල් පරිහරණය

"ඔහු ජනතාවගෙන් සමාව ඉල්ලනවා කියන්නේ ඔහු වැරැද්දක් කරලා," යනුවෙන් නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

නීතිපති මොහාන් පීරිස් අධිචෝදනා ඉවත් කර ගැනීම වැරදියි - එවක අගවිනිසුරු අශෝක ද සිල්වා
ඡායාරූප ශීර්ෂ වැකිය, නීතිපති මොහාන් පීරිස් අධිචෝදනා ඉවත් කර ගැනීම වැරදියි - එවක අගවිනිසුරු අශෝක ද සිල්වා

'හෙල්පිං හම්බන්තොට' චෝදනාවේ දැක්වෙන ප්‍රකාර තමන්ට හිමි නැති මුදලක් සිය පෞද්ගලික ගිණුමකට බර කිරීම සාපරාධී, සාවද්‍ය මුදල් පරිහරණය යටතට ගැනෙන චෝදනාවක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පෙන්වා දෙයි.

"මේක නැවත වරක් විවෘත කිරීමට කිසිම බාධාවක් නෑ මගේ මතයේ හැටියට. විශාල, බරපතල අපරාධවලදී කාලාවරෝධය බලපාන්නේ නෑ."

එමෙන්ම චන්දන කත්‍රිආරච්චි හිටපු මන්ත්‍රීවරයාට එරෙහි මිනීමැරීම් චෝදනාව සහ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට එරෙහි ස්ත්‍රී දූෂණ චෝදනාව සම්බන්ධයෙන් යළිත් විමර්ශන ආරම්භ කිරීමේ හැකියාවක් පවතින බවත්, නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ සංදේශයට කියා සිටියේය.

නීතිපති 'වැරදියි'

එම චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ අධි චෝදනා ගොනු කොට තිබියදී එවකට නීතිපති පදවිය හෙබ වූ මොහාන් සිල්වා විසින් හදිසියේම එම චෝදනා ඉවත් කරගැනීම 'වැරදි' බව එවකට අගවිනිසුරු පදවිය දැරූ <link type="page"><caption> අශෝක ද සිල්වා</caption><url href="http://www.bbc.co.uk/sinhala/news/story/2011/04/110417_asoka_duminda.shtml" platform="highweb"/></link> බීබීසී සංදේශයට පැවසීය.

දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට එරෙහි ස්ත්‍රී දූෂණ චෝදනාව සම්බන්ධයෙන් 'යළි විමර්ශන ආරම්භ කළ හැකියි'

ඡායාරූප මූලාශ්‍රය, Newsfirst

ඡායාරූප ශීර්ෂ වැකිය, දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට එරෙහි ස්ත්‍රී දූෂණ චෝදනාව සම්බන්ධයෙන් 'යළි විමර්ශන ආරම්භ කළ හැකියි'

කත්‍රිආරච්චි මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් නීතිපතිවරයා අනුගමණය කළ ක්‍රියාමාර්ගය 'බරපතල ලෙසඅපරාධ නීතිය අවගමනය කිරීමක්' ලෙසිනුයි, නීතිවේදී එකමුතුවේ සම කැඳවුම්කරු විග්‍රහ කරන්නේ.

කෙසේ නමුත් එම නඩුව දැන් අවසන් වී ඇති බැවින්, එය යළි විමර්ශනය කිරීමට තිබෙන එකම මාර්ගය එවක නීතිපතිවරයා දේශපාලන අවශ්‍යතා මත ක්‍රියා කළ බව පෙන්වාදෙමින් තීන්දුව යළි සලකා බලන මෙන් වින්දීත පාර්ශවය විසින් ඉල්ලීමක් කිරීම බව ඔහුගේ මතයයි.

සාක්ෂි දීම පැමිණිලිකාරිය අධිකරණයට පැමිණීමට සූදානම් නැති බව පවසමින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා ඉවත්කර ගැනීම නීතිවේදී කුමාරගේ දැඩි දෝෂාදර්ශනයට ලක් කරයි.

මෙවැනි විමර්ශණ යළි ආරම්භ කිරීම පිළිබඳව සලකා බලන්නේ දැයි විමසීම පිණිස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.