සංහිඳියාව ඇතිකිරීමට අපොහොසත් වෙලා - ජනපති
ත්‍රස්තවාදය පරාජය කොට යුද්ධයෙන් ජයග්‍රහණය කරනු ලැබුවත්, යුද්ධය හමාර වී වසර පහකට පසුවත් උතුරේත් දකුණේත් ජනතාව අතර සංහිඳියාව ඇතිකිරීමට ශ්‍රී ලංකාව තවමත් අපොහොසත් වී ඇති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි.
එම සංහිඳියාව ඇතිකිරීම සිය ආණ්ඩුව අභිමුව පවතින <link type="page"><caption> ප්‍රධානම අභියෝගය</caption><url href="http://sinhala.news.lk/news/world-2/item/9500-2015-02-04-07-11-20" platform="highweb"/></link> බවයි, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණ පරිශ්‍රයේ පැවැත්වුණ 67 වන නිදහස් දින සංවත්සර උළෙල අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ.
අතීතයේ දී සිදු නොකළ දේ පිළිබඳව කිසිවෙකුට චෝදනා කරනු වෙනුවට වැරදි නිවැරදි කොට, මෙතෙක් ඉටුකිරීමට අපොහොසත් වූ දේ ඉටුකිරීම වඩා වැදගත් බවයි, ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසන්නේ.
දෙමළ ජාතික සන්ධානය
එමෙන්ම ශ්‍රී ලංකාවේ ඇති නැති පරතරය තුරන් කිරීම සිය රජයේ ප‍්‍රමුඛත ම අරමුණ බව ද ජනාධිපති මෛත්රීපාල සිරිසේන සඳහන් කළේය.
ආර්ථික හා නව තාක්ෂණය සමඟ, මධ්‍යස්ත විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන අතරතුර එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥ්ඥප්තිවලට අනුකූල වෙමින් ජාත්‍යන්තරය සමග අත්වැල් බැඳ ගැනීම සිය රජයේ ප‍්‍රතිපත්තිය බව ද නිදහස් දින උත්සවය අමතමින් ජනාධිපතිතුමා පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රධානම දෙමළ දේශපාලන පක්ෂය, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි නායක ආර් සම්බන්ධන් සහ එම්ඒ සුමන්තිරන් මන්ත්‍රීවරුන් උත්සවයට සහභාගි වීම නිදහස් දින උත්සවයේ දක්නට ලැබුණ විශේෂත්වයක්.
උතුරේ ප්‍රධාන පෙළේ දෙමළ නායකයන් දශක ගණනාවක් ඇතුලත නිදහස් උත්සවයට සහභාගි වූ ප්‍රථම වතාව මෙයයි.