විදේශ රැකියා කාර්යාංශයේ වංචා රැසක් - තලතා
ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාදෙන ප්‍රධානම රාජ්‍ය ආයතනය වන විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශාල වශයෙන් වංචා, දූෂණ සිදු වී තිබෙන බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල ප්‍රකාශ කරයි.
ඒ පිළිබඳව පරීක්ෂා කිරීම් වස් අට-පුද්ගල කමිටුවක් පත් කළ බව බීබීසී සංදේශයට කියා සිටි නව ඇමතිවරිය, ඉදිරි දින දහය ඇතුලත ඔවුන්ගේ වාර්තාව ලබාදෙන මෙන් කමිටුවට නියෝග කළ බවද කියා සිටියාය.
"ගිය අවුරුද්ද වෙන කොට රුපියල් මිලියන 150 ක මෙහෙයුම් පාඩුවක් තියෙනව. එහෙම තියෙන්න බෑනේ ප්‍රධාන විදේශ විනිමය ගේන තැන," යනුවෙන් ඇය සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
'විශ්‍රාම වැටුපක්'
මෙම වංචා පිළිබඳව තමන්ට පුද්ගලිකවත් තොරතුරු ලැබී තිබෙන බව සඳහන් කරන ඇමතිනී තලතා අතුකෝරල වංචා, දූෂණවලට වැරදිකරුවන් වන පුද්ගලයන්ට දැඩි දඬුවම් පැණවීමට පසුබට නොවන බව අවධාරණය කරන්නීය.
මැදපෙරදිග රටවල සේවය කරන කම්කරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් කටයුතු කිරීම් වස් තානාපති කාර්යාලවලට අනුයුක්ත කොට තිබෙන ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවද ඇය සඳහන් කළාය.
එමෙන්ම ශ්‍රී ලාංකිකයන් රහසිගතව විදේශ රැකියාවලට පිටත් කරන 'හොර ඒජන්සිකරුවන්ට' එරෙහිව පියවර ගැනීමට ක්‍රමවේදයක් සකස් කරන බවත් ඇමතිවරිය කියා සිටියාය.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මැතිවරණවලදී සිය ඡන්දය භාවිතා කිරීමේ අයිතිය විදේශගත ශ්‍රී ලාංකිකයන්ටද ලබා දෙන බවට <link type="page"><caption> ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141205_maithripala_int_video.shtml" platform="highweb"/></link> විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් බීබීසී සංදේශයට කළ ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ අමාත්‍යවරිය කියා සිටියේ නව ආණ්ඩුව තවමත් ඒ සම්බන්ධයෙන් අවසාන තීරණයකට එළැඹි නොමැති බවයි.
"නමුත් ඒගොල්ලන්ගේ අනේවාසික ගිණුම්වලට 2.5% ක පොලියක් එකතු කරන්නත්, විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්නත් අපි කටයුතු කරමින් යනවා," යනුවෙන්ද ඇමතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.