බලය රැක ගැනීමේ රජයේ උත්සාහයක් තිබුණා - රාජිත
Published
ජනාධිපතිවරණය පැවැත්වුන දින ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොවුනේ රාජ්‍ය ආරක්ෂක අංශ පොදු විපක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කළ නිසා බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.
නීති විරෝධී කටයුතුවල නොයෙදෙන ලෙසට පොදු විපක්ෂය ඉල්ලා සිටි බවත් ඊට ඉඩ නොතබන ලෙසට පොදු විපක්ෂය උපදෙස් දුන් බවත් ඔහු සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.
යුද හමුදාව ස්වාධීනව කටයුතු කිරීමට දැඩි තීන්දුවක් ගත් බවයි ඔහු ප්‍රකාශ කළේ.
පැවතුණු රජය බලය රැක ගැනීම සඳහා විශාල උත්සාහයක් ගත් නමුත් එය ව්‍යර්ථ කොට හමුදාව කඳවුරු වල රඳවා තබා සිටීමට හැකිවූ බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න තවදුරටත් ප්‍රකාශ කළේය.