මහින්ද පිලට බොලිවුඩ් තරු පායයි

බොලිවුඩ් සිනමා නළු සල්මන් ඛාන් සහ ජනප්‍රිය නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස් අද සඳුදා (29) බොරැල්ලේ දී ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන හමුවකට සහභාගී වූහ.

අද කොළඹට ලඟා වූ බොලිවුඩ් සිනමා නළුවා සහ නිළිය පිළිගන්නා ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසිනි.

සෞඛ්‍යය අංශයේ වැඩසටහනකට ද සහභාගී වූ සල්මන් ඛාන් සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් ඉදිරි දිනවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන ප්‍රචාරක වැඩ සටහන් වලට සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.