ශ්‍රී ලාංකික වෛද්‍යවරියගෙන් අලුත් එන්නත් ක්‍රමයක්

ඡායාරූප මූලාශ්‍රය, Anushi Rajapaksa
ආශ්වාසය මගින් ශරීරගත කළ හැකි ලොව ප්‍රථම එන්නත ශ්‍රී ලාංකික වෛද්‍යවරියකගේ මූලිකත්වයෙන් ඔස්ට්‍රේලියාවේ විද්‍යාගාරයක දී නිපදවයි.
මෙම එන්නත සොයා ගනු ලැබ ඇත්තේ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අනුෂි රාජපක්‍ෂ ගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් විසිනි.
එන්නත් කටුවක් සහිත සිරින්ජරයක් භාවිතා නොකොට මෙම එන්නත ආශ්වාස කිරීම මගින් සෘජුවම ශ්වාසනාල හරහා ශරීර ගත කළ හැකි බවයි වෛද්‍ය අනුෂි රාජපක්‍ෂ බීබීසී සංදේශයට කියා සිටියේ.
සිරින්ජරයට බිය
එන්නත් කටුව සහිත සිරින්ජරයට ඇතැමුන් බිය වන බවත් මෙම එන්නත සොයා ගැනීම නිසා වැඩි පිරිසක් ප්‍රතිශක්තිකරණය සඳහා යොමු කරවා ගැනීමට හැකි වනු ඇති බවත් මොනෑෂ් සරසවියේ වෛද්‍ය අනුෂි රාජපක්‍ෂ පවසන්නීය.

ඡායාරූප මූලාශ්‍රය, Murdoch Childrens Research Institute
ආශ්වාසය මගින් ශරීරගත කළ හැකි එන්නත් වර්ධනය කිරීම තුළින් අනාගතයේදී වෛද්‍යවරයෙකු ළඟට නොගොස් තමන්ටම ප්‍රතිශක්තිකරණ ලබා ගැනීමට හැකි වනු ඇති බවට ඇය බලාපොරොත්තු පළ කළාය.




