ජනපති ලුම්බිණියේ
සාක් කලාපීය සමුළුවට සහභාගි වීම සඳහා නේපාලයේ සංචාරයක යෙදී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ ලුම්බිණිය ශුද්ධ භූමියේ සංචාරයක නිරත විය.
ජනාධිපතිවරයා මේ සංචාරයේදී ලුම්බිණිය වන්දනා කරන බැතිමතුන් වෙනුවෙන් ඉදිකොට තිබෙන විශ්‍රාම ශාලාව සහ අලුත් මාවත විවෘත කිරීමට නියමිතව තිබෙන බව සංචාරයට එක් වී සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය එච්එම්ඩීආර් හේරත් බීබීසී නේපාල භාෂා සේවයට කියා සිටියේය.