කරුට හෝ චන්ද්‍රිකාට වුවද සහාය දෙනවා - සජිත්
එක්සත් ජාතික පක්ෂයේ සහාය ද සහිතව කරු ජයසූරිය මන්ත්‍රීවරයා හෝ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය පොදු අපේක්ෂකයකු ලෙසින් එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එයට තම සහායත් හිමි වන බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පවසයි.
"අනිවාර්යයෙන්ම. මගේ පක්ෂය තීන්දු කළොත් යම්කිසි පුද්ගලයෙක් ඉදිරිපත් විය යුතුයි, එයටත් එක්සත් ජාතික පක්ෂයේ අනුමැතිය, ආශීර්වාදය ලැබෙනවයි කියල අනිවාර්යයෙන්ම මට සිද්ද වෙනවා ඒ තීන්දු තීරණවලට හිස නමන්න," යනුවෙන්ද පක්ෂයේ නියෝජ්‍ය නායකයා සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
මේ සම්බන්ධ සිය පුද්ගලික මතය කවරක් වුවත් පක්ෂයේ අවසාන තීරණයට අවනත වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා අවධාරණය කරයි.
"එක්සත් ජාතික පක්ෂයත්, සෙසු දේශපාලන පක්ෂත් ඒකරාශී කරගෙන ජනාධිපතිවරණයට මුහුණ දීම වඩාත් ලොකු ශක්තියක් කියන එක මම පිළිගන්නවා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
'අපේක්ෂකයා රනිල්'
කෙසේ නමුත් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ සිය පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බව එක්සත් ජාතික පක්ෂය දැනටමත් තීරණය කොට තිබෙන බව මන්ත්‍රීවරයා යළිත් වරක් කියා සිටියේය.

"මම දන්නා ආකාරයට එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරනවා. එය අපේ ජනාධිපති මෙහෙයුම් කමිටුවේ පැහැදිලිවම තීන්දු වුනා," බව ඔහු අවධාරණය කරයි.
කෙසේ නමුත් ජනපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය තවමත් කිසිදු තීන්දුවකට එළැඹි නොමැති බව පක්ෂයේ සභාපති <link type="page"><caption> කබීර් හෂීම් මන්ත්‍රීවරයා</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/11/141104_kabir_mangala_ranil" platform="highweb"/></link> මෙන්ම උප නායක <link type="page"><caption> රවි කරුණානායක </caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/11/141105_ravi_defection_sajith" platform="highweb"/></link>මන්ත්‍රීවරයාද පසුගියදා බීබීසී සංදේශයට කියා සිටියහ.
එහෙත් පස්සර දී පැවැත්වුණු පක්ෂ සමුළුවේදී සහ කොළඹ දී පැවැත්වුණු පක්ෂයේ ඡන්දපොළ නියෝජිතයන්ගේ රැස්වීමේ දී තමා එම ප්‍රකාශය කළේ "පක්ෂ නායකත්වයේ ආශීර්වාදය සහිතව" බවයි, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පවසන්නේ.
"ඒක එක්සත් ජාතික පක්ෂය තීන්දු කරලා, එක්සත් ජාතික පක්ෂ නායකතුමාගේ අදහස හැටියටයි මම ඉදිරිපත් කළේ."
කිසියම් ලෙසකින් පක්ෂ නායකයා ඉදිරිපත් නොවන්නේ නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බවත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සංදේශයට කියා සිටියේය.
කෙසේ නමුත් එයට පෙරාතුව තමන්ට පක්ෂ නායකත්වය හිමිවිය යුතු බව පවසන සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා, සිය අපේක්ෂකත්වයට පක්ෂයේ පූර්ණ ආශීර්වාදය හිමිවිය යුතු බවත් සඳහන් කළේය.
එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හෝ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය මුලින්ම ජනාධිපතිවරණයට තරඟ කළේ පක්ෂ නායකයා ලෙසින් නොවන බව සංදේශය පෙන්වා දුන් විට මන්ත්‍රීවරයා කියා සිටියේ, තමන් "වෙනත් කිසිවකුගේ දේශපාලන මොඩලයක්" අනුගමණය නොකරන බවයි.