දුම්රිය මතට පස් කන්දක්

කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා සිදු වී ඇති බව වාර්තා වෙයි.

පස් කන්ද කඩා වැටී තිබෙන්නේ ඇල්ල දෙමෝදර දුම්රියපොළ අසල 169, 1/4 ස්ථානයේදීය.

පස් කන්ද දුම්රිය එන්ජිම මතට කඩා වැටුණ බවයි ප්‍රාදේශීය වාර්තා මගින් පැවසෙන්නේ.

මේ තත්වය හමුවේ දුම්රිය ගමන් බණ්ඩාරවෙලට පමණක් සීමා කොට ඇත.