ඌව මනාපවලින් හරීන් ප්‍රනාන්දු ඉදිරියෙන්

සෙනසුරාදා පැවැත්වුණු ඌව පළාත් සභා මැතිවරණයේදී මනාප ඡන්ද 173,993 ක් ලබා ගනිමින් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වාර්තා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු සමත් වී සිටී.
සමස්ත මනාප ඡන්දවලින් දෙවැනි ස්ථානයට පත් වී සිටින්නේ, මොනරාගල දිස්ත්‍රික්කයේදී මනාප ඡන්ද 96,619 ක් ලබා ගත් පාලක සන්ධානයේ මහ ඇමති අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂය.
පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් අනුර විදානගමගේ මනාප 59,316 ක් ලබාගෙන බදුල්ල දිස්ත්‍රිකයේදී ප්‍රථම ස්ථානයට පත් වී සිටී.
මනාප 34,337 ක් ලබා ගත් චාමර සම්පත් සහ මනාප 31,858 ක් ලබාගත් සෙන්දිල් තොන්ඩමාන් පාලක සන්ධානය වෙනුවෙන් ඉහල මනාප ලබාගත් අනෙක් අපේක්ෂකයන්.
'සාමකාමී වාතාවරණයක්'

ඡායාරූප මූලාශ්‍රය, Shasheendra Rajapaksa
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තරඟ වැදුණු රුද්‍රජීවන් වේලායුදන් මනාප 30,457 ක් ලබා ගනිමින් එජාප අපේක්ෂකයන් අතරින් දෙවැනි ස්ථානයට පත් වී සිටියි.
මනාප ඡන්ද 14,161 ක් ලබා ගත් සමන්ත විද්‍යාරත්න ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත් වී සිටින එකම අපේක්‍ෂකයාය.
මැතිවරණයෙන් අනතුරුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඉතා සාමකාමී වාතාවරණයක් පැවති බව බදුල්ලේ සිටින ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න වාර්තා කරයි.
සෙනසුරාදා පැවති මැතිවරණයෙන් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349,906 ලබා ගනිමින් ප්‍රසාද මන්ත්‍රී ධුර 02ක් ඇතුළුව මන්ත්‍රී ආසන 19ක් දිනාගනිමින් බහුතර බලයක් ලබා ගැනීමට සමත් විය.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 274,773ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 13ක් දිනා ගැනීමට සමත් වී තිබේ.








