ලෙස්ටර් සහ සත්‍යජිත් රායි
බෙංගාලයේ සැබෑ ජන ජීවිතය උරාගෙන හැදී වැඩුන සත්‍යජිත් රායි සහ කොළඹ නාගරිකයේ හරය පමණක් අවශෝෂණය කළ ලෙස්ටර් ජේම්ස් පීරිස් අතර පැහැදිලි වෙනස්කම් රැසක් තිබුණත් සිනමාකරුවන් වශයෙන් ඒ දෙදෙනාගේ මනස ක්‍රියා කළ ආකාරයේ පුදුම සාම්‍යයක් දැකිය හැකියි.
දෙදෙනාම සිනමා ජීවිතය ආරම්භ කළේ වාර්තා චිත්‍රපටවලින්, කෙටි චිත්‍රපට හරහා.

දෙදෙනාම මාධ්‍යවේදීන්. ප්‍රබන්ධ රචකයන්. තිර රචකයන් සහ සිනමා විචාරකයන්.
ඒ වගේමයි ඇතැම් වෙනස්කම්: සත්‍යජිත් රායි, ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක්. චිත්‍ර ශිල්පියෙක්. එමෙන්ම ඔහු ගීත රචකයෙක්. විශිෂ්ඨ සංගීතඥයෙක්. ඔහුගේ බොහෝ චිත්‍රපට සංගීතවත් කරනු ලැබුවේත් ඔහු විසින්මයි.
1957 දී මුලින්ම එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගත් ලෙස්ටර් සහ රායි මුල් වරට මුණ ගැසුණේ 1968 දී.
බන්ධුල නානායක්කාරවසම් ඉදිරිපත් කරන 'ඉර පානෙන් රැස් දෝතක්' දොළොස් වෙනි අංකය.