රගර් ප්‍රවර්ධනයට මතභේද

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ගායක ඉරාජ් වීරරත්න විශාකා විද්‍යාලයේදී

ඡායාරූප මූලාශ්‍රය, Iraj Weeraratne

ඡායාරූප ශීර්ෂ වැකිය, මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ගායක ඉරාජ් වීරරත්න විශාකා විද්‍යාලයේදී

පසුගිය දිනවල නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉරාජ් වීරරත්න ගායකයා සමග කොළඹ පාසල් වල සිදු කළ රගර් ප්‍රවර්ධන වැඩසටහන මතභේදයට ලක් ව තිබේ.

විශාකා විද්‍යාලයේ සහ ඩී එස් සේනානායක විද්‍යාලයේ තම ප්‍රවර්ධන කටයුතු කළ කාල්ටන් ක්‍රීඩා සමාජයේ නියෝජිතයන්ට සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ දී කිසියම් විරෝධතාවකට මුහුණ දීමට සිදුවූ බවයි වාර්තා වන්නේ.

රගර් ප්‍රවර්ධන කටයුතු සඳහා පාසල් යොදා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියි.

විදුහල්පතිවරු තම බලය රැක ගැනීමේ අරමුණින් මෙවැනි වැඩසටහන් සම්බන්ධයෙන් නිහඬව සිටින බවයි ලංකා ගුරු සංගමය චෝදනා කරන්නේ.

නමුත් රගර් ප්‍රවර්ධන කටයුතු සඳහා තමන් නිසි අවසර ලබා ගත් බවයි ගායක ඉරාජ් වීරරත්න පවසන්නේ.